March, 21, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසි දෙකක් අද (21) දින නිකුත් කර තිබේ.
මෙහිදී එක් කාසියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි නිකුත් කරනු ලැබීය.
අනෙක් කාසිය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමේ අතිශය වැදගත් අවස්ථාවක් වන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් නිකුත් කර ඇති අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි එය සිදුකර තිබේ.
Video Story