මහ බැංකුවෙන් සියලු බැංකුවලට නියෝගයක්

    May, 23, 2022

    ඇතැම් අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේ දී අනුමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී වානිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

    බැංකු පද්ධතිය තුළ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා විදේශ විනිමය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව මෙරටට භාණ්ඩ ආනයන ක්‍රියාපටිපාටියේ දී ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී 100% ක මුදල් ආන්තික තබා ගෙන ඒවා නිකුත් කළ යුතු බවට මහ බැංකුව නියෝග කර ඇත.

    එසේම මුදල් ආන්තික සඳහා බැංකු විසින් ණය පහසුකම් ලබා දීමෙන් වැළකිය යුතු බවද මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දී තිබේ.

    HS කේත 779කට අදාළව නිකුත් කරන ලද මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.