April, 7, 2022
කොළඹ පිහිටි වානිජ බැංකු සපයන ලද විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය අනුපාතයන්ට අදාළව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරනු ලබන විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.38 ක් හා විකුණුම් මිල රු. 319.99 ක් ලෙසින් දක්වා ඇත.
මහ බැංකුවට අනුව මෙය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
මේ අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත ආකාරයටය.
ලංකා බැංකුව - රු. 320.00
මහජන බැංකුව - රු. 319.99
සම්පත් බැංකුව - රු. 320.00
සෙලාන් බැංකුව - රු. 320.00
කොමර්ෂල් බැංකුව - රු. 315.00
HNB - රු. 320.00
NDB - රු. 320.00
DFCC - රු.320.00
අමානා බැංකුව - රු. 315.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - රු.320.00
Video Story