March, 14, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු. 335.68 ක් ලෙසින් සටහන්ව ඇත.
ඊයේ (13) දිනයේ දී මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 311.82 ක් හා රු. 328.86 ක් වශයෙනි.
මේ අතර පසුගිය මාර්තු 09 වැනි දින මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 307.36 ක් දක්වාත් විකුණුම් මිල රු. 325.52 ක් දක්වාත් පහළ ගොස් තිබුණි.
මේ අතර අද දිනයේ දී එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය රු. 322.96 ක් ලෙසින් වාර්තා වී තිබේ.
එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේදී දේශීය අන්තර්-බැංකු විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ත සැබෑ එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
| Date | Buy Rate (LKR) | Sell Rate (LKR) |
|---|---|---|
| 2023-03-14 | 319.8479 | 335.6887 |
| 2023-03-13 | 311.8237 | 328.8699 |
| 2023-03-10 | 311.6269 | 328.9042 |
| 2023-03-09 | 307.3635 | 325.5218 |
| 2023-03-08 | 313.7749 | 331.0583 |
| 2023-03-07 | 318.3051 | 335.7502 |
| 2023-03-03 | 334.5016 | 348.0322 |
| 2023-03-02 | 343.9719 | 356.7393 |
| 2023-03-01 | 351.7219 | 362.9543 |
Video Story