March, 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් සුවිශේෂී ලෙස අද (09) දිනයේ දී ඉහළ ගොස් ඇත.
මේ අනුව මැදපෙරදිග රටවල් කිහිපයක ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක කිහිපයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) දින ඉහළ ගොස් ඇති ආකාරය පහතින් දැක්වේ.
බහරේන් ඩිනාර් - රු. 536.00 සිට රු. 608.69 දක්වා
කුවේට් ඩිනාර් - රු. 665.21 සිට රු. 755.43 දක්වා
ඕමාන් රියාල් - රු. 524.90 සිට රු. 596.09 දක්වා
කටාර් රියාල් - රු. 55.30 සිට රු. 62.96 දක්වා
සවුදි අරාබි රියාල් - රු. 53.86 සිට රු. 61.16 දක්වා
UAE ඩිරාම් - රු. 55.01 සිට 62.48 දක්වා
නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි අදාළ මුදල් ඒකකයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
Video Story