මහ බැංකුවේ තීරණයෙන් පසු බැංකුවල ඩොලර් විකිණෙන්නේ මෙහෙමයි

    March, 8, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලබන බව ඊයේ (07) දිනයේ දී නිවේදනය කරන ලදී.

    එහිදී වැඩිදුරටත් මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන බවයි.

    මේ අනුව අද දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින්ම සිය දෛනික විනිමය අනුපාතික සටහනේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 230 ක් ලෙසින් සටහන් කිරීමට වගබලා ගෙන තිබුණි.

    කෙසේ වෙතත් බැංකු කිහිපයකම ඩොලරයේ ගැණුම් මිල වෙනස් අගයයන් ගෙන තිබීම විශේෂත්වයකි.

    එහිදී බැංකු කිහිපයක ඩොලරයේ ගැණුම් මිල සටහන්ව තිබුණේ පහත ආකාරයෙනි.

    ලංකා බැංකුව - රු. 227.00

    මහජන බැංකුව -  223.44

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව 222.79

    සම්පත් බැංකුව - රු. 224.00

    කොමර්ෂල් බැංකුව - රු. 224.00

    සෙලාන් බැංකුව - 220.00

    නේෂන්ස් ට්‍රස්ට් - රු. 222.30