මහ බැංකුවේ පියවර ප්‍රමාණවත් නැහැ. කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

    April, 6, 2020

    කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්නට ඉඩ දිය යුතු නැති බවත්, මේ අවස්ථාවේ දී බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යාම හා ඒවාට සම්බන්ධ සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    මේ අතර ආණ්ඩුවට ලැබෙන ආදායම් සීමාසහිත වීම නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නැති බව පවසන එක්සත් ජාතික පක්ෂ නායකයා වැඩිදුරටත් කියා සිටින්නේ කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු බවයි.

    තවද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පියවර ප්‍රමාණවත් නොවන බැවින් ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටී.

    මෙම සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකිය.