මහ බැංකුවේ බිල්පත් බැඳුම්කරවලට හරවයි

    June, 29, 2023

    දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද (29) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “දේශීය වශයෙන් ප්‍රධාන වශයෙන් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර. භාණ්ඩාගාර බිල්පත් දැනට තියෙනවා රු. ට්‍රිලියන 4.1 ක්. ඒකෙන් 62.4% ක්ම තියෙන්නේ මහ බැංකුව සතුව. මේ භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත්කරන්න තීරණය වෙලා තියෙනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී පැවසීය.