මහ බැංකුවේ රන් සංචිතය මාර්තු මාසයේ දී 70% කින් අඩු වෙලා

    April, 8, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයෙහි වටිනාකම පසුගිය 2022 මාර්තු මාසය තුළ දී 70% කින් පහළ ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    එහිදී 2022 පෙබරවාරි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 98ක් ලෙස පැවති රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 29 ක් දක්වා මාර්තු මාසය තුළ දී 70% කින් අඩු වී ඇත.

    සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය මාර්තු මාසය අවසානයේ දී ඩොලර් මිලියන 1,939 ක් ලෙසින් සටහන් වන අතර එය පෙබරවාරි මාසය වන විට පැවති ඩොලර් මිලියන 2,311 ට වඩා 16.1% ක අඩු වීමකි.

    මේ අතර මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,026 සිට ඩොලර් මිලියන 1,724 ක් දක්වා 14.9% කින් පහළ ගොස් තිබේ.