March, 8, 2023
2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217 ක් හෙවත් ඩොලර් බිලියන 2.21 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක ඉහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183 ක් දක්වා 5.7% කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 5.3% කින් අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.
Video Story