මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

    March, 7, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ එච්.බී. දිසානායක මහතා පසුගිය දා (05) අභාවප්‍රාප්ත විය.

    ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියෙහි පසුවිය.

    දිසානායක මහතා 1992 ජූලි 01 සිට 1995 නොවැම්බර් 15 දක්වා මහ බැංකුවේ 09 වැනි අධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

    මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමට පෙර ඔහු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර මහ බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 1996 - 1998 වකවානුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

    එච්.බී. දිසානායක මහතාගේ දේහය අද (07) පස්වරු 01.00 දක්වා ඔහුගේ නිවසේ (අංක 2/84, මිහිරි උයන, පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ) තැන්පත් කර ඇත. ආදාහන කටයුතු මිරිහාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.