මහ බැංකුවේ හිටපු අධිපති ඒ. එස්. ජයවර්ධන අභාවප‍්‍ර‍්‍රාප්ත වෙයි

    May, 30, 2018

    ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය. මියයන විට එතුමා 82 වියෙහි පසුවිය.

    1995 නොවැම්බර් සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති ධුරය හෙබවූ ජයවර්ධන මහතා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ 10 වන අධිපතිවරයා ය. 1958 ශ්‍රී මහ බැංකු සේවාවට එක් වූ ඒ මහතා මහ බැංකුවේ ලේකම් දෙපාර්තමේන්තුවේ සහ ආයතන දෙපාර්තමේන්තුවේ සේවයෙන් අනතුරු ව 1977 සිට 1980 දක්වා ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ධුරය දැරීය.

    1980-1981 වකවානුවේ මහ බැංකුවේ අධිපති සහකාර සහ විධායක අධ්‍යක්‍ෂ යන තනතුරු දැරූ ජයවර්ධන මහතා 1981 සිට 1986 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේ ය. 1986 සිට 1989 දක්වා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දැරූ ඔහු 1993 සිට 1994 දක්වා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය දැරී ය.