මහ බැංකුව අද රු. මිලියන 98,000 ක බැඳුම්කර නිකුත් කරයි

    August, 13, 2018

    අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    2023 හා 2028 වසරවල දී කල්පිරෙන අයුරින් නිකුත් කරන ලද මෙම බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රු. මිලියන 45,000 හා රු. මිලියන 53,000 බැගින් අනුමත කරන ලදී.

    මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.