මහ බැංකුව කලින්ම ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කරයි

    May, 4, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 10 ස්වෛරීත්ව බැඳුම්කරයක් අද දිනයේ දී දියත් කරන ලදී.

    මෙම වසර තුළ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ස්වෛරීත්ව බැඳුම්කර හරහා සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබේ.

    මෙම නිකුතුවේ මෙහෙයුම් කළමනාකරුවන් ලෙසින් Citi, Deutsche Bank, HSBC, JP Morgan, Standard Chartered සමග චීනයේ ICBCI හා CITIC CLSA කටයුතු කරනු ඇත.

    කෙසේ වෙතත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ස්වෛරීත්ව බැඳුම්කරය එළඹෙන ජූනි මාසයේ දී නිකුත් කිරීමට සැලසුම් කර තිබූ දෙයක් බවයි.

    මේ අතර ප්‍රාථමික අලෙවිකරුවන් කියා සිටිනේනේ මේ තත්ත්වය තුළ අද දිනයේ දී දේශීය බැඳුම්කර වෙළෙඳපොළ අනුපාතිකවල පහළ යාමක් වාර්තා වූ බවයි.