March, 13, 2023
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනයේ දී රු. මිලියන 130,000 ක හෙවත් රු. බිලියන 130 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවනු ලැබීය.
එහිදී 2024 සහ 2027 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 70,000 ක් සහ රු. මිලියන 110,000 ක් බැගින් වන බැඳුම්කර ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් 2024 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. මිලියන 441 ක ලංසු ප්රමාණයක් පමණි.
2027 කාණ්ඩය සඳහා ලැබී තිබුණු රු. මිලියන 189,362 ක්වූ ලංසු අතුරින් රු. මිලියන 110,000 ක ලංසු පිළිගෙන තිබුණි.
ඒ අනුව සමස්තයක් වශයෙන් මෙම වෙන්දේසියේ දී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වටිනාකම රු. මිලියන 110,441 කි.

Video Story