මහ බැංකුව ඩොලරයේ මිල රු. 260 ක් කියද්දී අනෙක් බැංකු රු. 265 ක් කියයි

    March, 14, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 249.96 ක් සහ විකුණුම් මිල රු. 259.99 ක් ලෙසින් සටහන් වී තිබේ.

    කෙසේවෙතත් බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් අගය රු. 265 සීමාවේ පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

    මේ අනුව ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින් අද දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබෙන විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුණේ පහත ආකාරයටයි.

    ලංකා බැංකුව - රු. 255.00 සහ රු. 265.00

    මහජන බැංකුව - රු. 253.06 සහ රු. 264.99

    කොමර්ෂල් බැංකුව - රු. 255.00 සහ රු. 265.00

    සම්පත් බැංකුව - රු. 255.00 සහ රු. 265.00

    HNB - - රු. 255.00 සහ රු. 265.00

    සෙලාන් බැංකුව - රු. 250.00 සහ රු. 265.00