මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවයි

    October, 26, 2017

    ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවන ලදී. මේ සඳහා සලකා බැලෙන ප්‍රාග්ධනය, ප්‍රධාන වශයෙන්ම ඉහළ ගුණාත්මක බවකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවයකින් යුක්ත ප්‍රාග්ධනය වේ.

    අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීම, බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා, ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට උපකාර වන අතර, බැංකු අංශය තුළ ඒකාබද්ධවීම් සිදුවීම සඳහා ද මෙහෙයවීමක් ඇති කළ හැකිය.

    ඒ අනුව, ස්ථාපනය කිරීමට හෝ සංස්ථාපනය කිරීමට නියමිත නව බැංකු විසින් පහත ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වහා ක්‍රියාත්මක වන පරිදි සපුරාලීම අත්‍යාවශ්‍ය වේ.

    අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස මේ වන විටත් සංස්ථාපිත බැංකු සඳහා වසර 03 ක කාලයක් ලබා දී තිබේ. මෙම කාලය තුළ දී, බැංකු විසින් නව ප්‍රාග්ධනය හඳුන්වාදීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමත්, අළුශ්‍ය වන්නේ නම් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ඒකාබද්ධවීම සඳහා පියවර ගැනීමත් අපේක්ෂා කෙරේ.

    ඒ අනුව දැනට සංස්ථාපිත බැංකු සඳහා 2020.12.31 දින සිට බලපැවැත්වෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පහත පසඳහන් පරිදි වේ.