මහ බැංකුව රත්‍රං විකුණයි

    February, 8, 2022

    2022 ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 92 ක් බව නිල දත්ත වාර්තා පෙන්වා දේ.

    මෙම වටිනාකම 2021 දෙසැම්බර් 31 දින වන විට ඩොලර් මිලියන 175 ක් වශයෙන් සටහන්ව තිබුණි.

    2021 නොවැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් වාර්තා විය.

    මේ අනුව පසුගිය මාස දෙකක කාලය තුළ දී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම 76% කින් අඩු වී ඇත.

    ඊයේ (07) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,810.53 ක් ලෙසින් වාර්තා වී තිබේ.