මහ බැංකුව 2025 දී රට ඇතුළෙන් ඩොලර් බිලියන 1.41ක් අරන්

    October, 15, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් 2025 පළමු මාස 09 තුළ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1,415.9ක් මිල දී ගෙන ඇති වාර්තා වේ.

    එහිදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,479.2ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 63.3ක් විකුණා දමා තිබේ.

    2025 වසරේ එක් එක් මාසය තුළ දී මහ බැංකුව විසින් මෙලෙස මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණයන් පහත දක්වා ඇති අතර අලෙවි කර තිබෙන ඩොලර් ප්‍රමාණයන් වරහන් තුළ දක්වා ඇත. (සංඛ්‍යා ඩොලර් මිලියනවලිනි.)

    ජනවාරි - 47.3 (-35)

    පෙබරවාරි - 78.3 (-8)

    මාර්තු - 401.9

    අප්‍රේල් - 169.8 (-9)

    මැයි - 260.8 (-4)

    ජූනි - 119.5 (-7.3)

    ජූලි - 81.8

    අගෝස්තු - 142.5

    සැප්තැම්බර් - 177.3

    Video Story

    Stock Market

    Exchange Rates