මහ බැංකු අධිපති ඉවත් කරන කතාව බොරුවක්

    May, 26, 2022

    වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කොට ඒ සඳහා තමාව පත් කරනු ඇතැයි බවට පළ වන මාධ්‍ය  වාර්තා අසත්‍යයක් බව හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාරස්වාමි මහතා වැඩි දුරටත් පවසා සිටියේ මේ අවස්ථාවේ දී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කරමින් සිිටින බවයි.

    එසේම මහ බැංකු අධිපති තනතුර නැවත වරක් භාර ගැනීම සඳහා තමාට කිසිදු අදහසක් නොමැති බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා මෙහෙදී පවසා සිටියේය.