මහ බැංකු පනත ගැන විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීමට ජනපති රනිල් එකඟවෙයි

    May, 9, 2023

    ශ්‍රී ලංකා මහ බැංකු පනත පිළිබඳ සාකච්ඡා කිරීම් තවදුරටත් කල් දමා පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් මේ පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි.

    "අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා එතුමට පැහැදිලි කරලා දුන්නා Central Bank Act එක පිළිබඳව. තව දුරටත් සාකච්චා කරලා එම පනත වඩාත් පරිනත ආකාරයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. මොකද අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ විශේෂයෙන්ම monetary law එක monetary policy එක අපි ස්වාධීනව දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඒ නිසා මම එතුමට දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා ඉල්ලීමක් කරා මේක සාකච්ඡාවට භජනය කිරීම තවදුරටත් කල්දමලා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් අපිට මේ අණපනත් පිළිබඳව තවදුරටත් කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. මම ස්තූති වන්ත වෙනවා එතුමා ප්‍රකාශ කළා ඒකට එතුමා එකඟයි කියලා. විශේෂයෙන්ම මට කිව්වා ඒක ප්‍රකාශ කරන්න කියලා පාර්ලිමේන්තුවේදී. අපි ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා."

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මෙම සතිය තුළ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.