මහ බැංකු වාර්තාව ගැන ප්‍රසිද්ධ දේශනයක්

    May, 6, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාව අනුව නිරූපණය වන ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශ අධ්‍යක්ෂ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා මෙම දේශනය සිදුකරනු ඇත.

    2016 මැයි 10 වන දින සවස 4.30 ට රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී මෙම දේශනය පැවැත්වෙන අතර නොමිලේ පැවැත්වෙන මෙම දේශනය සඳහා සහභාගී වන ලෙස සියලු දෙනාටම ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනය කර සිටී.