මානව සම්පත් විසඳුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා SLT HCS සමාගම තම සේවකයින්ට ගෞරව උපහාර දක්වයි

    March, 28, 2019

    ශ‍්‍රී ලංකාවේ මානව සම්පත් විසඳුම් ලබා දෙන ප‍්‍රමුඛතම ආයතනය වන එස් එල් ටී හියුමන් කැපිටල් සොලුයුෂන්ස් (SLT HCS) සමාගමේ සාර්ථකත්වය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන සේවක සේවිකාවන්ට උපහාර දක්වමින් සම්මාන ප‍්‍රදානෝත්සවයක් පැවැත්වීය.

    HCS සේවකයින් 425 කට අධික පිරිසක් සහභාගී වූ මෙම සම්මාන උළෙල මාර්තු 09 වනදා ශ‍්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර නව්‍යතාවයන්ගෙන් පිරුණු විශිෂ්ට මානව සම්පත් විසඳුම් ලබා දෙම්න් ශ‍්‍රී ලංකා වේ ප‍්‍රමුඛතම මානව සම්පත් ආයතනය බවට පත්ව ඇති HCS ආයතනය “Super Human Awards 2019” සම්මාන උළෙලේදී සිය සේවක සේවිකාවන්ගේ, කැපවීම සහ ජයග‍්‍රහන ඇගයීම සඳහා ප‍්‍රමුඛස්ථානය ලබා දෙන ලදී.

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා, එස් එල් ටී හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ අධ්‍යක්ෂක ජයන්ත නිමල් රත්නායක මහතා, එස් එල් ටී හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ හි ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සම්මාන ප‍්‍රදානෝත්සවය පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ සමාගමේ අභිවෘද්දිය වෙනුවෙන් කැපවන, අපගේ වටිනාම වත්කම වන මානව සම්පත අගය කිරීම සමාගමේ මුලිකම ප‍්‍රතිපත්තියක්. “Super Human Awards 2019” සම්මාන උළෙල ක‍්‍රියාත්මක කෙරෙන්නේ ඒ වෙනුවෙන්. ආයතනය මැදිහත්ව මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතාට ප‍්‍රශංසා කල යුතු වෙනවා.”

    සම්මාන උළෙලේදී තාක්ෂණික අංශය, සබඳතා මධ්‍යස්ථාන අංශය, පාරිභෝගික සේවාල සහ කුඩා හා මධ්‍ය පරිමාණ විකුණුම් අංශයන්ගේ ඉහල කාර්ය සාධනයක් වාර්ථා කර ඇති 170 අධික සේවක පිරිසක් “විශිෂ්ඨ සේවකයින්” ලෙස සම්මාන හා සහතිකපත් ලබා ගන්නා ලදී.
    ඵ් සමගම අධ්‍යාපන, නවෝත්පාදන, හා ක‍්‍රීඩා අංශයන්ගේ වීශේෂ කුසලතා දැක්වූ සේවක සේවිකාවන් 51 දෙනෙක් ඇගයීම සදහා සම්මාන හා සහතිකපත් පිරිනැමිණි. මීට සමගාමීව තවත් සේවක සේවිකාවන් 185 ක් සදහා එස් එල් ටී හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ හි ස්ථිර පත්වීම් ලිපි ප‍්‍රදානය කරන ලදී.

    SLT HCS හි ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළු ආරච්චි මහතා සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ‘‘අපගේ ආයතනයේ විශිෂ්ටයන් අගය කරමින් උපහාර දැක්වීමට ලැබීම අපට ගෞරවයක්. අපගේ මේ උත්සාහයන්ගේ ප‍්‍රථිපල පාරිභෝගිකයන්ට සහ අපගේ සේවකයින්ට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇති. ඔවුන් පුද්ගලයින් වශයෙන් සහ ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳව අප සැබවින්ම ආඩම්බර වනවා. අපගේ මානව සම්පත සමාගමේ විශාලතම සහ වටිනාම වත්කම ලෙස විශ්වාස කරන අතර සමාගමේ ඉදිරි දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ හැකියාව සහ උත්සාහයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වනවා.

    ඡායාරූපය - ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී කුමාරසිංහ සිරිසේන මහතා HCS සේවකයකුට සම්මානයක් පිරිනමමින්. HCS හි ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා සහ අධ්‍යක්ෂ ජයන්ත නිමල් රත්නායක මහතා ද ඡායාරූපයේ වෙයි.