මාර්තුවේ පොලියට මොකද වෙන්නේ ?

    March, 21, 2014

    වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවතින අතර ඒ තුළින් ඉදිරියේදී බැංකු පොලී අනුපාත ඉහළ යෑමක් සිදු නොවේ.

    මහ බැංකුවේ අරමුණ වී තිබෙන්නේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය වැඩිකිරීමටයි.

    මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ ගියද එයට සාපේක්ෂව වාණිජ බැංකුවල පොලී අනුපාත පහළ යන බවක් පෙනෙන්නට නොමැති අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලංකාවේ බැංකු පොලී අන්තරය ඉතාමත් ඉහළ බවයි.

    හොංකොං වැනි රටක බැංකු පොලී අන්තරය සියයට 1.7 ක් පමණ වෙද්දී එය ලංකාවේ සියයට 4.3 ක් පමණ වේ.

    මේ නිසා, බැංකු වලින් ණය ලබාගෙන ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරිකයින්ට සෙත සැලසීම සඳහා මෙරට බැංකු පොලී අන්තරය පහළ දැමිය යුතුව ඇත.

    මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ විදේශ සංචිතය ජනවාරි මාසය වනවිට ඩොලර් බිලියන 08 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.