මාර්තු මාසයේ දී සංචාරකයින් ලක්ෂයක් ශ්‍රී ලංකාවට

    March, 30, 2022

    2022 මාර්තු 01 සිට 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,192 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසු එක් මාසයක් තුළ දී ලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    ඒ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 280,026 කි.

    මේ අතර 2022 වසරේ මාර්තු මාසයේ මේ දක්වා වූ කාල සීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රට වනුයේ ඉන්දියාවයි. එම සංඛ්‍යාව 22,231කි. දෙවනුවට එක්සත් රාජධානියෙන් 11,634ක් ජර්මනියෙන් 9,140ක් රුසියාවෙන් 8,716ක් සහ ප්‍රංශයෙන් 5,493ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.