මාලඹේ නව හරිත ශාඛාවක් සඳහා සෙලින්කෝ ලයිෆ් මුල්ගල් තබයි

    February, 8, 2019

    ජනාකීර්ණ මාලඹේ නගරයේ සිය ශාඛා කාර්යාලය පිහිටුවීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම තට්ටු තුනකින් සමන්විත මනාව සැලසුම්කළ හරිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇත.

     

    සමාගම විසින් පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන නව ශාඛා වලට අනුකූලව මෙම නව ගොඩනැගිලි ඉදිකරන්නේ අංක 582, කඩුවෙල පාර, මාලඹේ දරණ ස්ථානයේයි. මෙම ගොඩනැගිල්ලට කිලෝවොට් 20 ක සූර්යබල පද්ධතියක් මගින් බලශක්තිය ලබාදෙන අතර ජාතික පද්ධතියෙන් කිසිදු ආකාරයෙන් මෙම ගොඩනැගිල්ල සඳහා විදුලිය ලබා නොගනී. එසේම, මෙම ගොඩනැගිල්ලට වෙනමම වැසි වතුර එක්රැුස් කිරීමේ පහසුකමක් සහ අප ජලය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ යන්ත‍්‍රාගාරයක් ඉදිකරනු ඇත.

     

    මෙම ගොඩනැගිල්ල ස්වභාවික ආලෝකය උපරිම අයුරින් ලැබෙන ලෙසත් නල ජලය අවම වශයෙන් පරිභෝජනය කරන අයුරිනුත් සැලසුම් කර තිබේ. එසේම, නව ගොඩනැගිල්ල බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත නවතම විදුලි ආලෝකය සහ වායු සමීකරණ පද්ධති වලින් සමන්විත වන අතර ඉදිකිරීම සඳහා වැයවන දැව ප‍්‍රමාණය අඩුකර තිබේ. මීට අමතරව, මෙම ගොඩනැගිල්ල ඉදිකරන භූමියේ අලූතින් ගස් වගා කිරීමට ද සමාගම කටයුතු කර තිබේ.

     

    වර්ග අඩි 6000 කින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ මාලඹේ සහ තදාසන්න ප‍්‍රදේශවල ජනතාව වෙනුවෙන් සේවය ලබාදෙන සෙලින්කෝ ලයිෆ් ශාඛා පිිහිටුවන අතර එක් වරකට 50 දෙනෙකුට පුහුණුව ලබාදිය හැකි පුහුණු මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටුවනු ඇත. මීට අමතරව, පාරිභෝගිකයින් වෙනුවෙන්ම වෙන්වූ වාහන නතර කිරීමේ අංගනයක්ද මෙම ගොඩනැගිල්ලේ සමාගම විසින් ඉදිකරයි.

     

    මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා එක්ව තැබූ අතර මෙම අවස්ථාවට සමාගමේ අනිකුත් අධ්‍යක්ෂවරුන්ද සහභාගී විය. මෙම ගොඩනැගිල්ලේ වැඩ 2020 ජනවාරි මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

     

    සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝ ප‍්‍රමාණයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි. මේ අතර, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත සහ කඩවත ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

    මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

     

    2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත‍්‍රකළ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

     

    සේයාරු සටහන  - සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයේදී.