මාවුස්සාකැලේ දූපතක UAE සමාගමකින් දැවැන්ත හෝටල් සංකීර්ණයක් 

    June, 27, 2023

    එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් LLC ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 25 ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව අදාළ ආයතනවල ඒකඟතාව ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.