July, 11, 2023
පොල් වෙන්දේසියේ ඒකාධිකාරය නතර කොට විනිවිද බව ඇති කිරීමට ඔන්ලයින් ක්රමවේදය නැවත ක්රියාත්මක කිරීමට පසුගිය දා රැස් වූ කෝප් කමිටු රැස්වෙීමේ දී සාකච්ඡා වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.07.06 දින රැස්වූ පොදු ව්යාපාර පිළිබද කාරක සභාවට මෙරට පොල් වගාව සහ කර්මාන්තය ආශ්රිත ප්රධාන ආයතන ත්රිත්වය වන පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන කැඳවා තිබිණි.
2021.01.21 දින පැවති කෝප් රැස්වීමේදී මෙම ආයතනවලට දුන් නිර්දේශ ක්රියාත්මක කිරීමේ ප්රගතිය විමර්ශනය කිරීම මෙහිදී සිදුවිය.
එහිදී අවධානය යොමුව ඇත්තේ පොල් වෙන්දේසිය සඳහා අන්තර්ජාල මාර්ගගත ක්රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්රීය තත්ත්වයේ පැවතීම පිළිබදවයි.
වඩාත් විනිවිදබවකින් යුතුව වෙන්දේසිය සිදු කිරීමේ හැකියාව මෙමගින් හැකියාව ලැබෙන බවත් පොල් වෙන්දේසියේ පවතින මෙරට පවතින කිහිපදෙනෙකුගේ ඒකාධිකාරිය වැළැක්වීමේ අරමුණින් මෙම ක්රමය හදුන්වා දුන් බවද මෙහිදී හෙළි විය.
තැරැව්කරුවන් කිහිපදෙනෙකුගේ අවශ්යතාව මත අධිකාරියේ ඇතැම් නිලධාරීන් හවුල්වීමෙන් මෙම ඔන්ලයින් ඩිජිටල් ක්රමය ක්රියාත්මක කිරීමට අකමැත්ත පළ කරන බවද මෙහිදී සාකච්ඡා විය.
මේ අනුව වඩාත් විනිවිද බවකින් යුතුව මෙම වෙන්දේසිය සිදු කිරීම සදහා මෙම ඔන්ලයින් ක්රමවේදය නැවත ඇති කිරීමට මාස තුනක් ඇතුළත කටයුතු කරන ලෙස නියෝග කරන ලදී.
Video Story