March, 2, 2023
2023 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 107,639 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙය 2022 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන 96,507 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.53% ක වැඩිවීමකි.
මේ අනුව 2023 වසරේ මුල් මාස 02 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 210,184 ක් වේ.
පෙබරවාරි මාසය තුළ දී රුසියානු සංචාරකයින් 29,084 ක් සහ ඉන්දියානු සංචාරකයින් 13,714 ක් පැමිණ ඇති අතර එය පිළිවෙලින් සමස්ත සංචාරකයින්ගෙන් 27% ක් සහ 13% ක් වේ.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,575 ක්, ජර්මනියෙන් 7,930 ක්, ප්‍රංශයෙන් 6,118 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3,113 ක් සහ කැනඩාවෙන් 3,107 ක් ලෙසින් පසුගිය මාසය තුළ දී සංචාරකයින් වැඩි වශයෙන් පැමිණි රටවල් වේ.





Video Story