මාස 05ක් තුළ රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 2.34 ක්

    June, 12, 2023

    2023 වසරේ මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම ඩොලර් බිලියන 2.34 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.

    මෙය 2022 වසරේ මුල් මාස 05 තුළ වාර්තා වූ ඩොලර් බිලියන 1.33 ක් වන ප්‍රේෂණ අගය හා සැසඳීමේ දී 75.7% ක වර්ධනයක් ‌වේ.

    2023 මැයි මාසයේ දී ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීමත් සමඟම වසරේ මුල් මාස 05 තුළ දී එම වටිනාකම මෙලෙස ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.