මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි

    October, 5, 2018

    2018 වසරේ මුල් මාස 09 තුළ දී 1,731,922 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 09 හා සැසඳීමේ දී 11.6% ක වර්ධනයක් බවයි.

    මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී 149,087 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙන අතර එය 2017 වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේ දී 2.8% ක ඉහළ යාමකි. එක් එක් මාසයට අනුව 2018 වසරේ දී මෙතෙක් අවම වර්ධනයක් වාර්තා වූ මාසය ලෙසින් පසුගිය සැප්තැම්බර් මාසය මේ අනුව හැඳින්විය හැකිය.

    2018 සැප්තැම්බරයේ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ලෙසින් සුපුරුදු පරිදි ඉන්දියාව සඳහන් වුවද එය 2017 සැප්තැම්බර් මාසයේ අගය හැ සැසඳීමේ දී 6.3% ක පහළ යාමකි.

    සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද මේ පිළිබඳ සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.