මාස 8 ක ඩීසල් ආනයන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Vitol Asia වෙත

    October, 26, 2021

    2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ ඩීසල් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
    2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500 +10/- 5% ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලංසුකරුවන් වෙතින් ලංසු කැඳවා ඇත.
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.