මැක්බර්ටන් සමාගම සාර්ථකත්වයේ 25 වැනි වසර සමරයි

    April, 17, 2023

    වසර 1997දි ප්‍රමුඛතම වාණිජ ව්‍යාපාරික ආයතන දෙකක් අතර වැදගත් උපායමාර්ගික සහයෝගිතාවක් සිදු විය. මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් ආයතනය සහ එලායන්ස් ෆයිනෑන්ස් සමාගම අතර ඇති වූ එම සහයෝගිතාවයෙන් මැක්බර්ටන් සමාගම නමින් නව ව්‍යාපාරයක් බිහි විය.

    ශ්‍රී ලංකාව තුළ ප්‍රසාරනය කරන ලද පොලිතීන් නිෂ්පාදන සහ පොලිතීන් ආශ්‍රිත වායු බුබුලු ඇතිරිලි ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා වන මැක්බර්ටන් සමාගම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙළඳ සන්නාම බවට පත් වූ කීර්තිමත් මැක්ෆෝම්, මැක්ෆොයිල්, මැක්ෆොයිල් අල්ට්‍රා සහ මැක්රැප් නිෂ්පාදන පෙළ අලෙවි කිරීම ආරම්භ කළේය.

    එම නිෂ්පාදන පෙළ අතරට මූලික වශයෙන් ආරක්ෂණ සහ පරිවාරක බලපෑම් සඳහා භාවිත කරන පුළුල් පරාසයකින් යුතු නිෂ්පාදන ඇතුළත්ය. දේශීය හා විදේශීය වශයෙන් නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ සිය නිෂ්පාදන ක්‍රියාවලිය ව්‍යාප්ත කිරීමට 2000 වසරේ මැද භාගයේදී වර්ග අඩි 30,000කින් යුතු ජාඇල කර්මාන්ත ශාලා සංකීර්ණය රැගෙන යනු ලැබීය.

    ප්‍රසාරික පොලිතීන් නිෂ්පාදන සහ පොලිතීන් ආශ්‍රිත වායු බුබුලු ඇතිරිලි ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා බවට මැක්බර්ටන් සමාගම, මැක්ෆෝම්, මැක්ෆොයිල් අල්ට්‍රා සහ මැක්රැප් නිෂ්පාදන පෙළ අලෙවි කරමින්, එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙළෙඳ සන්නාමය බවට පත්කිරීමට සමත් වූ අතර, මැක්බර්ටන් සමාගම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාත්‍යන්තර සහතික 4ම ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් සැකසුම් සමාගම බවට ද පත් විය.

    මැක්බර්ටන් නිෂ්පාදන පෙළ විවිධාංගිකරණය කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස ඉහළ ප්‍රමිතියකින් යුතු ABL සහ PBL නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් එම සමාගම සිය නිෂ්පාදන පෙළ පුළුල් කළේය. එම සමාගම මේ වනවිට විලවුන්, දන්තාලේප, ඖෂධ සහ ආහාර කර්මාන්ත සඳහා නම්‍යශීලී ඇලුමිනියම් සහ ප්ලාස්ටික් ලැමිනේටඩ් ටියුබ් නිෂ්පාදනය කරමින් සිටී.

    මැක්බර්ටන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයේ EMS 14001:2004 සහ OHSAS 18001:2007 සහතිකලත් පළමු ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමය. තත්ත්ව ප්‍රමිතිය සඳහා ISO 9001:2008  සහ බලශක්ති කළමනාකරණ පද්ධතිය සඳහා ISO 50001:2011 වශයෙන් ද මැක්බර්ටන් සමාගම ප්‍රමිති ආයතනයේ සහතික ලැබුවේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාත්‍යන්තර සහතික 4ම ලැබූ පළමු ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයද මැක්බර්ටන් සමාගම වේ.

    එම සමාගමේ විසිපස්වැනි සංවත්සරය සමරනු ලැබුවේ සේවකයන් 150කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති ඔවුන්ගේ ශ්‍රම බළකාය ඇගැයීමට ලක් කිරීම සඳහාය.

    ව්‍යාපාරික සදාචාරාත්මක භාවිතයන් සමඟ ඉදිරියට යමින් මැක්බර්ටන් සමාගම සිය මෙහෙයුම තුළින් ප්‍රජාවට වැඩි වටිනාකමක් සැපයීමට පසුගිය දශක දෙක තුළ විවිධ සාමුහික සමාජයීය වගකීම් (සීඑස්ආර්) ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.

    ජාතියේ ප්‍රමුඛතම ආරක්ෂණ සහ සෙවිලි විසඳුම් සපයන්නා වීමේ දැක්මට අනුව සිය සමාගමේ කළමනාකරණ මණ්ඩලයේ ව්‍යාපාරික විවිධාංගිකරණ සැලසුමෙහි පියවරක් ලෙස සිය පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සැපයීමට මැක්බර්ටන් සමාගම නව තාක්ෂණයෙන් යුතු යන්ත්‍රසූත්‍ර සඳහා ආයෝජනයන් සිදු කර තිබේ. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සාර්ථක මඟපෙන්වන්නකු ලෙස ගුණාත්මකභාවය සඳහා කැපවීම හේතුවෙන් මේ සියලු නවෝත්පාදනය සිදු කිරීමට හැකිවූ බව  මැක්බර්ටන් සමාගමේ විශ්වාසය වී ඇත.  මෙරට කාර්මික ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛයා ලෙස ඉදිරි දශකයේ අභියෝගවලට මුහුණදීමට මැක්බර්ටන් සමාගම සූදානමින් සිටී.

     

    Video Story

    Stock Market

    Exchange Rates