November, 16, 2021
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින අයවැය විවාදයට එක්වෙමින්, පවතින මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටියේය.
“IMF එකට යන්න. මම නං කියන්නේ නැහැ යන්න එපා කියලා. එතන්ට ගියාම කොන්දේසි තියෙයි. රැකියා ඉවත් කරන එක කරන්නේ නැහැ. යම්කිසි විනයක් ඇති කරයි. මූල්‍ය විනයක්. එක් වුවමනායි. මෙතන විශාල ප්‍රශ්නයක්.“
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ, මෙම ආණ්ඩුව විනාශ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොපතන බවයි.
“ අපි නං මැරුණත් IMF එකට යන්නෙ නැහැ. ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව, අපේ ආණ්ඩුව විනාශ වුණත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි ලැහැස්ති නැහැ.“
Video Story