මැලිබන් යහපෝෂ SLS සහතිකයෙන් පිදුම් ලබයි

    January, 18, 2018

    මැලිබන් බිස්කට් සමාගම හඳුන්වා දී ඇති පෝෂණීය උදෑසන ආහාර නිෂ්පාදනයක් වන යහ පෝෂ, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන SLS සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

    මැලිබන් නිවසේ තවත් නිර්මාණශීලී හඳුන්වා දීමක් වන යහ පෝෂ රසය, ගුණය මෙන්ම උසස් ප‍්‍රමිතිය කැටිකොටගත් සුවිශේෂී නිෂ්පාදනයකි. යහ පෝෂ යන්නෙන් එම නිෂ්පාදනයේ යහගුණය හා පෝෂ්‍යදායී බව හැඟවෙන අතර එය කවදත් පාරිභෝගිකයන්ට රසයත් ගුණයත් සම සේ ලබාදෙන නිෂ්පාදන ලබාදීමට කැපවී සිටින මැලිබන් සමාගමේ තවත් සාර්ථක නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැකි වේ.

    දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පෝෂණීය උදෑසන ආහාරයක් ලෙස රස බැලිය හැකි මැලිබන් යහ පෝෂ, සවස් කාලයේ දැනෙන කුසගින්න නිවාගැනීම සඳහා කෙටි ආහාරයක් ලෙස වුවද භාවිතා කළ හැක. උසස්ම තත්ත්වයේ ප‍්‍රමිති සහතිකයක් ලෙස සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් විසින් පිළිගනු ලබන ීඛී සහතිකය යටතේ මෙම නිෂ්පාදනය දිගින් දිගටම ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධීක්ෂණයටද ලක්වන නිසා පාරිභෝගිකයන්ට දැන් පෙරටත් වඩා විශ්වාසයෙන් යුතුව මැලිබන් යහ පෝෂ රස බැලිය හැකි වේ.

    දශක හයකට අධික කාලයක් තිස්සේ මෙරට දොරින් දොර කියැවෙන නාමයක් ලෙස වෙළඳපොළේ ඉදිරියෙන්ම සිටීමට මැලිබන් සමත් වී ඇත. මෙරට සුවහසක් ජනතාවගේ ආදරයට පාත‍්‍ර වූ බිස්කට් වර්ග දිගින් දිගටම නිෂ්පාදනය කරන අතරම වෙළඳපොළේ පෙරළියක් ඇතිකරන නිර්මාණශීලී නිෂ්පාදන වරින් වර හඳුන්වා දීම සමාගමේ විශේෂත්වය වේ. දිවයින පුරා තම නිෂ්පාදන බෙදාහැරීමට අමතරව ලොව පුරා රටවල් 35 කට නිෂ්පාදන අපනයනය කිරීමටද මැලිබන් බිස්කට්ස් සමාගම කටයුතු කරයි.

    ‘‘මැලිබන් යහ පෝෂ යනු රසයෙන් හා පෝෂණයෙන් සපිරි, උසස්ම ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන පෙළක්. අනාගත පරපුරට අවශ්‍ය පෝෂණ ගුණයන් සමීප කරවන අතරම නිසි පෝෂණය ලැබීමේ වැදගත්කම ඔවුන්ට අවබෝධ කරදීමටත් අප කටයුතු කරමින් සිටිනවා.” මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා පැවසී ය.

    රසායන ද්‍රව්‍ය වලින් තොර මැලිබන් යහ පෝෂ නිෂ්පාදනයට බාහිර රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය ඇතුළත් කර නොමැති නිසා එය කාටත් ගැලපෙන පෝෂ්‍යදායී ආහාරයකි. බඩ ඉරිඟු, සෝයා, මුං ඇට හා සහල් ආදිය මෙන්ම විටමින් සහ ඛනිජ ලවණ වර්ග යොදා මැලිබන් යහ පෝෂ නිෂ්පාදනය කර තිබේ.

    ‘‘යහ පෝෂ නිෂ්පාදනයේදී අප අනුගමනය කරන දැඩි ප‍්‍රමිතීන් නිසා මේ ආකාරයට ීඛී සහතිකය හිමිවී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මැලිබන් සමාගම පවත්වාගෙන ආ උසස් තත්ත්වය හා ප‍්‍රමිතිය වර්තමානයට ගැළපෙන ආකාරයට දියුණු කරමින් පවත්වාගෙන යාමට අප සමත් වී ඇති බවට මෙය හොඳ සාක්ෂියක්.” මැලිබන් බිස්කට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (තත්ත්ව සහතිකකරණ සහ පර්යේෂණ හා සංවර්ධන) වර්ණ ප‍්‍රනාන්දු මහතා පැවසී ය.
    යහ පෝෂ නිෂ්පාදනය කෙරෙන කර්මාන්තශාලාව දඹුල්ල ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර නිෂ්පාදනයට අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය දේශීය වශයෙන් සපයා ගැනේ. දේශීය ගොවීන්ට තම වගා කටයුතු පුළුල් කරමින් මැලිබන් ආයතනයට තම අස්වනු සැපයීමට දිරිගන්වමින්, පාරිභෝගිකයන්ට සැබෑම යහගුණය තිළිණ කිරීම සඳහා මැලිබන් සමාගම ඇපකැපවී කටයුතු කරමින් සිටී.

    ‘‘ගොවීන්ගේ යහපත වෙනුවෙන් විවිධාකාරයේ ප‍්‍රජා සත්කාර වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමටද අප පියවර ගෙන තිබෙනවා. ගොවීන්ගේ ජීවනෝපාය නගාසිටුවීමට අමතරව ඔවුන්ගේ ගම්මාන වල වෙසෙන සියලූම දෙනාට යහපත සලසමින් සමස්තයක් ලෙස මෙම ගොවි ප‍්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අපගේ අපේක්ෂාවයි.” මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) බන්දුල පෙරේරා මහතා පැවසී ය.