මැලේසියාවේ UiTM Sports Fiesta හි දී IIT රග්බි හා පැසිපන්දු කණ්ඩායම් විශිෂ්ට දක්ෂතා දක්වයි

    November, 29, 2017

    අධ්‍යාපනය අතින් උසස් තත්වයට පමණක් සීමා නොවුණු IIT ආයතනය මෑතකදී මැලේසියාවේ 12 වන වරටත් පැවැත්වූ UiTM Sports Fiesta 2017 ක්‍රීඩා උළෙලෙහි දී තම ක්‍රීඩා දක්ෂතාද එළි දැක්වූහ. එහිදී  IIT රග්බි කණ්ඩායම රන් පදක්කමක් ලබා ගත් අතර,  IIT පැසිපන්දු කණ්ඩායමද ජයග්‍රහණ ලබා ගත්හ. මෙම ක්‍රීඩා උළෙල සඳහා පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පුරුව යන රටවල විශ්වවිද්‍යාල ද සහභාගී වී ඇත.

    දකුණු ආසියානු රටවල් කිහිපයක විශ්වවිද්‍යාලීය සහ උසස් අධ්‍යාපන ආයතනනීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද රග්බි, Futsal, බැඩ්මින්ටන්, Tenpin Bowling, ටෙනිස්, පැසිපන්දු, ටේබල් ටෙනිස් සහ දැල් පන්දු යන අංශ සඳහා ද ඉදිරිපත් විය.

    IIT රග්බි කණ්ඩායම හා Mara Johar යන මැලේසියානු  විශ්වවිද්‍යාලය තරඟ වැදුණු අතර IIT කණ්ඩායම ලකුණු 19 -05 ලෙස ජයග්‍රහණය කෙරීය. මැලේකා විශ්වවිද්‍යාලය හා පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු IIT කණ්ඩායම අවසන් වටය සඳහා තේරී පත් විය. මොහොමඩ් නලීෆ්, දිනු පෙරේරා, සෙනුර ඩයස්, චතුර අල්විස්, චතුර විජේරත්න, නිපුන් වික්‍රමරත්න, චමීර ද සිල්වා, ඕෂධ මෙත්මල්, හරිකෙශාන් සිවහරන්, එස්. අතේසා සහ කුසල් ප්‍රනාන්දු යන අය කණ්ඩායම නියෝජනය කරන ලදී.

    පසුගිය වසරේ පැවති ක්‍රීඩා උළෙලේදී ශූරතාවලිය දිනු IIT පැසිපන්දු කණ්ඩායම මෙවර පිලිපීනයේ ඩිලිමන් හා තරඟ වැදී අවසන් පූර්ව වටයේ දී  ලකුණු 9 ක පරාජයක් ලැබීය. කණ්ඩායම සඳහා සමීර චානක නායකත්වය හෙබවූ අතර ෂෙහාන් කුමාර,ගයාන් ඇන්ඩෘ, මාලිෂ් ඩිල්ෂාන්, මනුල වෙනේකා, දිල්කා සිරිමාන්න, තුෂාන් ධර්මසේන, තුෂාන් පෙරේරා, අදිල් රහුමාන්, කසුන් චානක, නයිජල් ගුණවර්ධන, සහ සජිත් විශ්වනාදන් ඇතුලත් වූ අතර ඔවුන් පුහුණු කරන ලද්දේ ප්‍රධාන පුහුණුකරු රසික ප්‍රනාන්දු විසිනි.

    මෙම ජයග්‍රහණ පිළිබඳව ඔවුන් සතුටු වන බවත් වර්තමානයේ ජාතික ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ දක්ෂතාවයන් පිළිබඳව පුහුණුකරු සහ කණ්ඩායම් වලට ස්තූති කරන බවත්, ඔවුන්ගේ කැපවීම හේතුවෙන් මෙවර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ හෙයින් ඒ සියලුම දේ සඳහා තමන් ඔවුන්ට ස්තූති කිරීමට කැමති බව IIT ආයතනයේ සමූහ ක්‍රීඩා සහ සුවතා උපදේශක චින්තක ද සිල්වා පැවසීය.

    එසේම IIT හි රග්බි සහ පැසිපන්දු කළමනාකරු අජිත් කොඩිප්පිලි පවසන ආකාරයට රග්බි හා පැසිපන්දු යන දෙඅංශයෙන් ම ලද ජයග්‍රහණයන් සඳහා හේතු වුයේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙහෙස මහන්සි වී කැපකිරීම් කළ නිසා බවයි. එසේම IIT සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා ඇතුළු කළමනාකාරිත්වයට, සියලුම ක්‍රීඩකයින් ට, සහ ගෞරවනීය පුහුනුකරුවන්ටද ඔහු ස්තූතිවන්ත වන බව තවදුරටත් පැවසීය.

    මීට අමතරව IIT පැසිපන්දු හා රග්බි කණ්ඩායම් පසුගිය වසරේද විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබේ. 2016 දී  පිලිපීනයේ ඩිලිමන් කණ්ඩායම හා තරඟ වැදී එවර ශූරතාවය දිනා ගත්තේය. එසේම CIMA 3x3 තරඟාවලියකදී ද ශූරයින් වී ඇත. එසේම Fastbresk 2016 තරඟාවලියේ ද ශූරයින් ලෙසත් CPS අන්තර් විශ්වවිද්‍යාල රග්බි සෙවන්ස් තරඟාවලියේ ශූරයින් ලෙසත් KDU නායකයින්ගේ කුසලානය ආදී බොහෝ ජයග්‍රහණයන් දිනාගෙන ඇත.