මිනිරන්, ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් ගැන හරියටම දැනගමු

    November, 1, 2023

    මිනිරන් කර්මාන්තය මෙරට දිගු ඉතිහාසයක් ඇති කර්මාන්ත ක්ෂේත්‍රයක් වුවද ඒ පිළිබඳව සාමාන්‍ය ජනසමාජය තුළ ඇත්තේ අල්ප අවධානයකි.

    කෙසේවෙතත් මෑතක දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ඇමරිකානු සංචාරය අතරවාරයේ දී කළ කතාවක දී ‘මිනිරන්‘ සහ ‘ග්‍රැෆයිට්‘ පද භාවිතය පිළිබඳව වූ පටලැවිලි සහගත තත්ත්වයක් හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සෙවීමට උනන්දු වන අයුරු සමාජ ජාල පිරික්සීමේ දී නිරීක්ෂණය වනු ඇත.

    සැබෑ ලෙසම මිනිරන් හෙවත් ග්‍රැෆයිට් යනු ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි කර්මාන්තයකි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කළ සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධන මහතා පවසන්නේ මිනිරන් හෙවත් ග්‍රැෆයිට් ඒ ආකාරයෙන්ම අපනයනය කරනවාට වඩා නවීන තාක්ෂණය හරහා ඒවා ග්‍රැෆීන් බවට පත්කර අපනයනයෙන්, සාමාන්‍ය මිනිරන් මෙන් 1,800 ගුණයක වටිනාකමක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇති බවයි. මීට වසර 3කට පමණ පෙර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    පහත දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවෙන් පසු අද දෙරණ Business විසින්, මෙරට මිනිරන් කර්මාන්තය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර සම්පාදනය කරනු ලැබූ ලිපියකි. 2020 වසරේ පෙබරවාරි 14 දින මෙම ලිපිය මුල් වරට පළවිය.

    ග්‍රැෆීන්: කුරුතේරිස්ලාගේ මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම