මිල්කෝ ඉඩම ගැන සොෆ්ට්ලොජික් කතා කරයි

    February, 2, 2015

    නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ මිල්කෝ ආයතනයට අයත් ඉඩම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කැඳවූ ටෙන්ඩරය සඳහා තම සමාගම ලංසුවක් ලබාදුන්නද තවමත් ඒ සම්බන්ධයෙන් සමාගමට පිළිතුරක් ලැබී නැතැයි සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කර තිබේ.

    සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ඉඩම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් නිළ ගිවිසුමකට එළඹී තිබේයැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබෙන අදහස තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

    නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ මිල්කෝ ආයතනයට අයත් අක්කර 13.5 ක මෙම ඉඩම දිගු කාලීන කල්බදු පහසුකම යටතේ සොෆ්ට්ලොජික් සමාගමට ලබාදීමට තීන්දු කර තිබුණු බවත් එය වත්මන් රජය විසින් අවලංගු කළ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණි.