මිලියන 74 දාහක් ක්‍රෙඩිට් කාඩ්වල හිරවෙලා

    February, 20, 2017

    2016 වසර අවසානය වන විට මෙරට ජනතාව විසින් රුපියල් මිලියන 74,892 ක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2015 වසර අවසානයේ දී වාර්තා වූ රුපියල් මිලියන 63,010 හා සැසඳීමේ දී සියයට 18.86 ක ඉහළ යාමකි.

    මේ අතර 2015 වසරේ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,142,231 ක් ලෙසින් වාර්තා වන අතර 2016 වසරෙ අවසානයේ දී එම ප්‍රමාණය 1,309,248 ක් දක්වා සියයට 14.6 කින් වර්ධනය වී තිබේ.

    පහත දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් පත් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සංක්ෂිප්ත වාර්තාවකි.