November, 1, 2018
ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2T ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ.
ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිළ ක්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරේ.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා මෙම මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
Video Story