මිල සූත්‍රයෙන් ලංකා IOC ගොඩයයි

    October, 29, 2018

    ලංකා IOC සමාගම 2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙම කාර්තුව තුළ දී රුපියල් මිලියන 207.31 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමත් වී තිබේ. 2017 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 176.9 ක අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක, සමාගම මෙයාකාරයෙන් සුවිශේෂී ලාභ අගයයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණකි.

    මේ අතර 2018 සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 453.17 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගමට හැකියාව ලැබී ඇත.

    පසුගිය මැයි 10 වැනිදා සිට ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය යොදා ගැනුණු අතර වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් අලාභදායී තත්ත්වයක පැවති සිය ව්‍යාපාර ඉහළ ලාභදායීත්වයක් කරා විතැන් කරලීමට ලංකා IOC සමාගමට අවස්ථාව උදා වූ බවයි.

    මිල සූත්‍රයට අනුව 2018 මැයි 10 දින ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 137 ක් දක්වා ඉහළ නැංවුණු අතර අද වන විට එහි මිල රු. 155 කි.