මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්

    July, 9, 2026

    මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙතෙක් අත්‍යවශ්‍යව තිබූ ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කළේය.

    එම රෝහලේ මෙතෙක් කලක් විද්‍යුත් හෘද රෝග යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් (ECG) පරීක්‍ෂණ මන්දගාමී වීම නිසා බොහෝ රෝගීන්ට ගැටලුවලට මුහුණ පාන්නට හේතු වූ අතර, එම පරීක්ෂණය කරගැනීම සඳහා බොහෝ දුර ගෙවා වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමටද ඒ සඳහා අධික මුදලක් ගෙවීමට සිදුව තිබුණි.  මීරිගම මූලික රෝහලේ බලධාරීන් පැවසුවේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් (ECG) යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් පසු තම රෝහලේ සත්කාර සේවා සැලකිය යුතු ලෙස වැඩිදියුණුවී ඇති අතර ඒ හේතුවෙන් වටිනා ජීවිත රැසක් බේරාගත හැකි වන බවය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සපයන්නා වන බ්‍රැන්ඩික්ස්, දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රටේ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමුඛ යෝජකයෙකු වී ඇත.

    මෙම සමාගම අඛණ්ඩව වසර 14 කට වැඩි කාලයක් දිවයින පුරා ජීවිත සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ද වේ.

    එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නිර්මාල් පෙරේරා මහතා කියාසිටියේ මෙරට වසර ගණනාවක සිට තම සමාගම ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා සමාජ, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා වැඩි දියුණු කිරීම වැනි අර්ථවත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.