මුදල් අමාත්‍යංශයට පී.බී. වෙනුවට සමරතුංග

    January, 12, 2015

    ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා ඛනිජ තෙල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටි ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද උදෑසන වැඩ භාරගන්නා ලදී.

    සමරතුංග මහතා පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය ලබා තිබෙන අතර පසුව Wisconsin-Madison හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ලබා තිබේ.

    ඔහු රාජ්‍ය සේවයේ වසර 25 ක පමණ පළපුරුද්දක් තිබෙන නිළධාරියෙකි.