මුදල් ඇමතිගෙන් තර්ජනයක් VIDEO

    January, 24, 2017

    පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පසුගිය වතාවක මහා භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ දී දෙසැම්බර් මාසයෙන් පසු මුදල් ලබා නොදෙන බවට මුදල් අමාත්‍යවරයා තර්ජනයක් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව හරහා ගැනීමට කටයුතු කළ යුතු බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

    මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=Njdm6qdXgzE