October, 2, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන මහ බැංකුවේ අරමුණු හා අනුකූල වේ.
මුදල් මණ්ඩලය මෙම තීරණය වෙත එළැඹීමේ දී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පුළුල් ලෙස සලකා ඇත.
Video Story