මුදල් ප්‍රතිපත්තිය 30 දා

    August, 25, 2016

    2016 අගෝස්තු මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය 2016 අගෝස්තු 30 වන අඟහරුවාදා පස්වරු 6.00 ට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    පසුගිය ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කරනු ලැබීය.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් 7% සහ 8.5% දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදී.