මුදල් ප්‍රතිපත්ති විවරණය ඔක්තෝබර් 11 සිකුරාදා

    October, 1, 2019

    2019 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 ඔක්තෝබර් 11 වැනි සිකුරාදා දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මීට පෙර 2019 අගෝස්තු 23 දින 2019 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින්, 2019 අගෝස්තු 22 වැනි දින පැවති රැස්වීමේ දී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 7.00% සහ 8.00% දක්වා පදනම් අංක 50 බැගින් අඩු කිරීමට තීරණය වුණි.