මුදල් යළි මංගලට, ව්‍යාපාර සංවර්ධනය රවී ට භාරයි

    December, 20, 2018

    නව රජයේ අභිනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී වඩාත් කතාබහට ලක්ව තිබුණු මුදල් අමාත්‍යාංශය යළිත් වරක් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලබා දී තිබේ.

    මේ අතර යහපාලන රජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක මහතා වෙත විදුලි බල හා බලශක්ති අමාතාංශය පවරා දී තිබෙන අතර ඊට අමතරව ව්‍යාපාර සංවර්ධන යනුවෙන් නව කැබිනට් අමාත්‍යාංශයක වගකීම ද රවී කරුණානායක මහතා වෙත පවරා ඇත.

    මංගල සමරවීර මහතාට මුදල් විෂයයට අමතරව ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ද අද දින දිවුරුම් දෙන ලදී.