මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව ගැන ආටිකල් IV වාර්තාව එළියට

    March, 3, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව වන ආටිකල් IV සමාලෝචන වාර්තාව පසුගිය පෙබරවාරි 25 දින අවසන් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවයි. එසේම රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබේ.

    රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම හා පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිල ක්‍රම අනුගමනය කළ යුතු බවට එහිදී යෝජනා කර ඇත.