මූල්‍ය අරමුදල, ලංකාව ගැන බලාපොරොත්තු වැඩි කරයි

    May, 6, 2014

    ආසියානු පැසිෆික් කළාපය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර තිබෙන නවතම ඉදිරි දැක්මට අනුව මේ වසරේ මෙරට ආර්ථික වර්ධන පුරෝකතනයන් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

    මේ අනුව, අරමුදල විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පවසා තිබුණු මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 6.5 ක් වනු ඇතැයි යන පුරෝකතනය සියයට 7.0 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත.

    මේ අතර, 2015 දී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.5 ක් වනු ඇතැයි කර තිබෙන පුරෝකතනය අරමුදල විසින් වෙනස් කර නොමැත.

    අපනයන වර්ධනය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකතනය කර තිබෙන්නේ මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 7.8 ක් වනු ඇති බවයි.